පකිස්තානය උත්සාහ කරන්නේ ‘කැපුම් දහසක් සහිත ඉන්දීය’ ප්‍රවේශය හරහා සාමය කඩ කිරීමටයි: ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං

පකිස්තානය දිගින් දිගටම උත්සාහ කරන්නේ ඉන්දියාව තුළ සාමය කඩ කිරීමට හරහා ඉන්දියාව වෙත ප්‍රවේශ වීමට බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසීය.

ඉන්දියාවේ විචක්ෂණශීලී ආරක්ෂක පිළිවෙත නිසා ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් සිදුවී ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඉන්දීය සන්නද්ධ හමුදාවන් වල සහ පොලියේ නොපසුබට උත්සාහය නිසා ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. කරුණු එසේ වුවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනුයේ සිය සමීප අසල්වැසියා සෑම විටම ඉන්දීය විරෝධී ක්‍රියා වල නිරත වෙමින් සිටින බවයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං පැවසූයේ පාකිස්තානය නිරන්තරයෙන් ඉන්දියාවේ සාමය කඩ කිරීමේ ක්‍රියා වලට අනුග්‍රහය දක්වමින් සිටින බවයි. එනමුත් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය මනා කැපවීම සහ කුසලතාවය නිසා සියලු උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඉන්දීය හමුදාවට හැකි වී ඇති බවයි.

ඉන්දීය සන්නද්ධ හමුදාව, දේශසීමා ආරක්ෂක බලකාය,මධ්‍යම රක්ෂිත පොලිස් බලකාය, ජම්මු කාශ්මීර පොලිසියේ භට පිරිස් සමග සාකච්ඡා කරමින් අභියෝගාත්මක අවස්ථාවන්වලදී වගකීම් සහගතව කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රශංසා කළේය.

ආරක්ෂක අමාත්‍යවරයා උතුරු කාශ්මීරයේ පාලන රේඛාව සහ ඉදිරි ප්‍රදේශ ආරක්ෂා කරන පිහිටුවීම්වල තත්ත්වය පිළිබඳව ප්‍රථමයෙන් තක්සේරුවක් කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම අවස්ථාවට න්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ ද පැමිණ සිටියේය.

ඔහු 15 වෙනි බලකා මූලස්ථාන වෙත පැමිණීමෙන් පසු, උතුරු කාශ්මීරයේ පාලන රේඛාව පිළිබඳ හා දැනට පවතින සටන් විරාම ගිවිසුම, ක්ෂේත්‍ර බලකොටුවල සංවර්ධන කටයුතු, ප්‍රති-ආක්‍රමණය කිරීමේ ජාලය, මෙහෙයුම් සූදානම සහ දේශසීමා ප්‍රදේශවල හමුදා-පුරවැසි සම්බන්ධතා පිළිබඳව ඔහු දැනුවත් කරන ලදී.එමෙන්ම අමරනාත් යාත්‍රාවේ ආරක්ෂාව සඳහා සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ ඔහු දැනුවත් කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.