ඉන්දියාව සහ මාලදිවයින ශක්තිමත් ආරක්ෂක පද්ධතිය සහ ආරක්ෂක සහයෝගීතාව ගැන සාකච්ඡා කරයි.

මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂාමාල් දින 6ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි සිටි. එහිදී ද්විපාර්ශ්වික ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානීයා සහ ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ සාකච්ඡා පැවැත් වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

මෙම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය හමුදාව සඳහන් කොට ඇත්තේ මාලදිවයින් ආරක්ෂක ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂාමාල් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බවයි. එමෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සාකච්ඡාවට ලක් කළ බව ද එහි සඳහන්ය.

මාලදිවයින් මේජර් ජෙනරාල් ෂම්මාල් සවුත් ඉන්දියාවේ ජාතික යුද ස්මාරකය නැරඹීමට ද ගියේය. එහිදී ඔහුට යුද හමුදා ගෞරව සම්මාන මුරයක් ද හමුදාව විසින් ලබා දුන්නේ ය.

මේ වසරේ දෙරට අතර ඉහළ මට්ටමේ සංචාර සහ හුවමාරු කිහිපයක් සිදුවී ඇත.

මේ වසරේ පෙබරවාරි 13 වන දින මාලේ හි පැවති 3 වන ආරක්ෂක සහයෝගීතා සංවාදයේදී ඉන්දියාව සහ මාලදිවයින අන්තර් ජාතික අපරාධ මැඩලීම සහ කලාපයේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන් සහ ධාරිතා ගොඩනැගීමේ ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඇත.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩි හමුවී මාලදිවයින සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවේ අනුග්‍රහය ලබාදෙන බව පැවසීය. අජිත් දොවාල් කොළඹ ආරක්ෂක සමුළුවේ 5 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ රැස්වීමට සහභාගී වීමට පසුගිය මාර්තු 23 වන දින මාලදිවයිනේ සංචාරය කළේය.

පසුගිය මාර්තු මාසයේ මාලදිවයිනේ සංචාරය කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසූයේ මාලදිවයින සමඟ ඉන්දියාවේ හවුල්කාරිත්වය කලාපයේ ස්ථාවරත්වය සඳහා බලවේගයක් බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.