ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් බ්‍රසීලය, පැරගුවේ සහ ආර්ජන්ටිනාව වෙත සංචාරය කිරීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් දකුණු ඇමරිකානු කලාපයේ සිය පළමු නිල සංචාරය අගෝස්තු 22-27 දක්වා සිදු කිරීමට නියමිතය. එහිදී ඔහු විසින් බ්‍රසීලය, පැරගුවේ සහ ආර්ජන්ටිනාව යන රටවල සංචාරය කරනු ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දකුණු ඇමරිකානු සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම රටවල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට ජයශංකර් බලාපොරොත්තු වන බවයි. එමෙන්ම රටවල් තුනේම ඉහළ නායකත්වයෙන් සමග සාකච්ඡා කිරීමට ද කටයුතු සම්පාදනය කොට ඇති බව පැවසීය.

මෙම සංචාරය අතරතුර ලතින් ඇමරිකානු සහ කැරිබියන්හි ඉන්දියාවේ හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික කටයුතු අඛණ්ඩව කරගෙන යාමට, පශ්චාත් වසංගත යුගයේ සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සැලසෙනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට පටන් ගත් පැරගුවේහි ඉන්දීය තානාපති කාර්යාල පරිශ්‍රය ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් විවෘත කරනු ඇත.

බ්‍රසීලයේ සහ ආර්ජන්ටිනාවේ, විදේශ අමාත්‍යවරුන් සමඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම්වල සම සභාපතිත්වය ඔහු විසින් දරනු ඇත. එමෙන්ම මෙම රැස්වීමේදී විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කරනු ඇති අතර පොදු අවශ්‍යතා ඇති කලාපීය හා ගෝලීය ගැටලු සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය ඉන්දියාවේ උපායමාර්ගික හවුල්කරුවන් වේ. මීට අමතරව, මෙම රටවල ව්‍යාපාරික නායකයින් සහ ඉන්දියානු ප්‍රජාවන් සමඟ ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අන්තර් ක්‍රියා කරනු ඇත.

සිය සංචාරයේදී ජයශංකර් විසින් බ්‍රසීලයේ රියෝ බ්‍රැන්කෝ ආයතනයෙ(බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය)හි දේශනයක් පැවැත්වීමට ද නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.