උතුරු අරාබි මුහුදේ නිරීක්ෂණ මෙහෙයුම අවසන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ කාන්තා කාර්ය මණ්ඩලය ඉතිහාස ගත වේ.

උතුරු අරාබි මුහුදේ ප්‍රථම වරට කාන්තා ස්වාධීන සමුද්‍ර ඔත්තු බැලීමේ සහ නිරීක්ෂණ මෙහෙයුම සඳහා ඩෝනියර් 228 යානයකින් ඉන්දීය නාවික හමුදා නිලධාරිනියන් පස් දෙනෙකු පසුගිය බදාදා දින ප්‍රථම වරට සහභාගී විය.මෙම නිලධාරිනියන් පෝර්බන්දර් හි නේවල් එයාර් එන්ක්ලේව් හි INAS 314 වෙත අනුයුක්ත කර ඇත.

මෙම ගුවන් යානයේ නායකත්වය දරනු ලැබුවේ දූත මණ්ඩල අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් ආන්චල් ෂර්මා විසිනි.මෙම ඓතිහාසික සංග්‍රහයට පෙර කාන්තා නිලධාරිනියන් මාස ගණනක භූමි පුහුණු වීම් වල නිරතවිය.

INAS 314 යනු ගුජරාටයේ පෝර්බන්දර් හි පිහිටි ඉදිරිපෙළ නාවික ගුවන් බලඝණය වන අතර නවීනතම ඩෝනියර් 228 සමුද්‍රීය ඔත්තු බැලීමේ ගුවන් යානා එහි සිට ක්‍රියාත්මක කරයි.

මෙම ජයග්‍රහණය නිවේදනය කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ කාන්තා ගුවන් මෙහෙයුම් නිලධාරිනියන් හෙලිකොප්ටර් ප්‍රවාහයට තෝරා ගැනීම මගින් ඉන්දීය නාවික හමුදාව සන්නද්ධ හමුදාවන්හි පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටින බවයි.

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම පළමු වර්ගයේ හමුදා පියාසර මෙහෙයුම”අද්විතීය” ලෙස විස්තර කරන ලදී.

කාන්තා නිලධාරිනියන් සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක ස්වාධීන මෙහෙයුමක් සිදු කිරීම සන්නද්ධ හමුදාවල සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි යැයි ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

මෙම කාන්තා නිලධාරීන්ගේ සාර්ථකත්වය ඉන්දියාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කාන්තාවන්ට සියලු විලංගුවලින් මිදී ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව සලසා ඇති බව ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.