රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට 2022. 06.13 දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණි. විශේධයෙන්ම පැවැති ඉන්ධන හිඟය මත ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ගැටලුවක් බවට පත්වීමත් ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමත් වෙනුවෙන් මෙම නිවාඩුව ලබා දීමට පියවර ගැනුණි.    කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය කළ බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.

දිණමිණ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.