ඉන්දියා-එක්සත් ජනපද සබඳතාව විශාල හැකියාවක් සහ විභවයක් ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් ඩීසී හි සිව්දින නිල සංචාරයකින් පසු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක වන ඉන්දියාව සහ එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු පැවසීය. එපමණකුදු නොව දෙරටම සෙසු ලෝකයාට ද ධනාත්මක බලපෑමක් ඇති කරන බව ඔහු පැවසීය.

දෙරටේ ද්විපාර්ශික හවුල්කාරීත්වය වර්ධනය වීමට බොහෝ අවකාශයක් පවතින බව ජයිශංකර් පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසූයේ නව තාක්ෂණය හා මුසු වූ එම කුසලතාවයන් දෙපාර්ශවයම හඳුනාගෙන ඇති බවයි.

ඉන්දියාව-එක්සත් ජනපද සබඳතා ද්විපාර්ෂික වාසි සඳහා පමණක් කැප වූ පටු සම්බන්ධතාවයක් නොවේ යැයි ඔහු පැවසීය. මෙම සම්බන්ධතාවය ඉන්දු පැසිෆික් කලාපය ඇතුලු ලෝකයේ සෙසු රටවලට ද බලපාන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ජයිශංකර් සිය සිව්දින සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සහ නීති සම්පාදකයින් පස් දෙනෙකු, සෙනෙට් සභික මාර්ක් වෝනර් සහ කොන්ග්‍රස් සභික අමි බෙරා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු විය. මෙම සංචාරය තුලදී ඉන්දියානු ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් හට අවස්ථාව උදා විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඇමරිකානු ව්‍යාපාරිකයන් සමඟ සම්මන්ත්‍රණ ද පැවැත්වීය. මෙම සම්මන්ත්‍රණ හා සංවාද මගින් ඉදිරියේදී ඉන්දියාවට යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බව ඔහු පැවසීය.

ඉන්දියාව සමඟ ද්වීපාර්ෂිකව කටයුතු කිරීමට අපේක්ෂා කරන රටවල් බොහොමයක් පවතින බව ඔහු පැවසීය. ඔවුන් බලාපොරොත්තු වන දියුණුව සහ සොයන විසඳුම්, සඳහා සහය වීමට ඉන්දියාව ශක්තිමත් බව ඔහු පැවසීය.

ඉන්දීය-එක්සත් ජනපද සබඳතා සමස්තයක් වශයෙන්, ඉහළ තලයක පවතින බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් තර්ක කළේය.

දෙරටේ වෙළඳාම් හොඳින් සිදුවෙමින් පවතී, දේශපාලන හුවමාරුව ඉතා ශක්තිමත් වී ඇත. වීසා බලපත්‍ර සම්බන්ධයෙන් යම් ක්‍රියාවලි ගැටළු තිබිය හැක, නමුත් මිනිසුන්ගේ සැබෑ සංචලනය අනුව, ඉදිරියේදී ධනාත්මක විසදුම් ලැබෙනු ඇතැයි ඔහු පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.