කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි

“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) දින පැවසීය. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ... Read more »

Ceylon Tea නාමයට හානිවීමට ඉඩ දෙන්න එපා- ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස්... Read more »
Ad Widget

තම මාස දෙකකින් එලොව පොල් පෙනන බවට ඉඟි !

වෙළදපොලේ පොල් මිල ඉහළ ගියේ වගකිවයුතු නිලධාරීන්ගේ වරදින් බවත් තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් රුපියල් 150.00 වීමේ අවධානමක් පවතින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.... Read more »

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුයි

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු... Read more »

ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන්

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ. රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. රජය මැදිහත්වී ඉන්ධන ගබඩා  ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට  ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය  ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ. Read more »

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න කෙටිකාලීන හා දිගුකාලීන සැලසුමක් දියත් කරන්න – ජනපති

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම... Read more »

ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න – අගමැති රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙයි

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.... Read more »

ගුවන් ගමන් භාණ්ඩ අපනයනයේදී අවශ්‍ය සියලු අවසරපත් එකම ස්ථානයකින්

මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා ආනයන වියදමට වඩා  අපනයන ආදායම ඉහල යමින් පවතී. මෙම ආදායම ලබා දෙන අපනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගුවන් මගින් අපනයනය කිරීම සිදු කෙරේ. දේශීය නිශ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක... Read more »

තේ කර්මාන්ත සංවර්ධන යෝජනා රැසක් ජනපති විමසුමට

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය... Read more »

හෙට සිට බිත්තරයක මිල රු. 2කින් පහළට

මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව... Read more »